පොහොට්ටුවේ ගෑණුත් ඡන්දේ දෙන්නේ නොමිලේ පෑඩ් දෙන සජිත්ට! – රෝසි

November 4, 2019 at 7:41 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන පිරිමි මෙන්ම පාක්ෂිකයන්ගේ බිරින්දෑවරුන් මෙවර නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට සූදානමින් සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම හෑල්ලුවට ලක් කරන අය කාන්තාවන්ගේ අභිමාණය සහ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දී ඇත්තේ මොනවා දැයි ඇය ප්‍රශ්න කළාය.

මේ රටේ සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් බවත් එය ප්‍රජනක සෞඛ්‍යයට ඉතාම අහිතකර බවත් පෙන්වා දුන් නගරාධිපතිනිය මේ තත්ත්වයට හේතුව දුප්පත්කම බව අවධාරණය කළාය.

සජිත් ප්‍රේමදාසගේ කොළඹ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් රෝසි සේනානායක මේ බව සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස