සජිත් ජනාධිපතිවෙලා නොමිලේ පෑඩ් බෙදීම අගය කරනවා! – ඉන්දියාවේ පෑඩ්මෑන් සජිත් අගයයි…

November 3, 2019 at 8:26 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්ව කාන්තාවන් වෙනුවෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට පොරොන්දු වීම අගය කරන බව ඉන්දියාවේ සමාජ ක්‍රියාධරයකු වන අඩු වියදම් සනීපාරක්ෂක තුවා හඳුන්වා දීමේ පුරෝගාමියා වන අරුණාචලම් මුරුගනාදන් පවසයි.

සජිත් ප්‍රේමදාස තමා පෑඩ්මෑන් ලෙස හැඳින්වීම පිළිබඳ ආඩම්බර වන බව සඳහන් කිරීම ද ඔහු අගය කර තිබේ.

Padman යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අරුණාචලම් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ. ලෝක නායකයන් කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ හඬ නැඟීම අගය කළ යුතු බව ද ඔහු එහි සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස