මගේ ජනතාවාදී වැඩසටහන්වලටට පහර දී මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න බෑ! – අධ්‍යාපන ඇමති

May 31, 2019 at 10:07 am | by admin

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ පාසල් නිල ඇඳුම් වවුචරපත් ලබාදීම, සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආදී ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පාසල් පෙළපොතෙහි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් බොහෝ විවේචන පළ කළත් පසුගිය වසර වල එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පමණක් නොව ජනාධිපතිවරුන්ගේ පණිවිඩ ඇතුළත් කර තිබූ ආකාරය ද පෙන්වා දුන් අමාත්‍යවරයා තමාගේ පණිවිඩය ඇතුළත් කළත් ඒ වෙනුවෙන් රුපියලක් හෝ වැඩිපුර මුදලක් වැය වී නොමැති බවත් මෙහිදි පෙන්වා දුණි.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් පන්සිය අනූ දෙදෙනකුට (592) ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස