පෑඩ්මෑන් ලේබලයමට ආඩම්බරයක්! ජනාධිපතිවෙලා කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා!- සජිත්

October 28, 2019 at 8:54 pm | by emanisa.lk

කාන්තාවන්ට මාසික ශුද්ධිය සිදුවන අවස්ථාවේ උවමනා කෙරෙන සනීපාරක්ෂක තුවා තමා ජනාධිපති වූ විට නොමිලේ ලබා දෙන බවට එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශය සමාජමාධ්‍යවල උපහාසයට සහ සරදමට ලක්වෙමින් තිබේ.

එයට මූලික හේතුව එම සනීපාරක්ෂක තුවා මත සජිත් ප්‍රේමදාස ද ඇමති ධුරයක් දරන වර්තමාන ආණ්ඩුව බදු පනවා තිබීම සහ එය තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකීම නිසාය.

2018 වසරේ මතු වූ කාන්තා විරෝධතාවක් සමග සනීපාරක්ෂක තුවා මත පනවා ඇති සෙස් බද්ද ඉවත් කළ ද වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බදු තව දුරටත් ක්‍රියාත්මක වෙයි. ඔහු ඇමතිවරයකු ලෙස එම බදු අඩු කිරීමට කිසිම අවස්ථාවක හඬක් නැගුවේ ද නැත.

තමාගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් තමාට ලබා දුන් පෑඩ්මෑන් ලේබලය ආඩම්බරෙන් වැළඳ ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන බවත් ඇමතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

කෙසේ වුවද ප්‍රතිවිරුද්ධ පාර්ශවවල කිසිවකු ඇමති සජිත් ප්‍රේමදාස පෑඩ්මෑන් යැයි හඳුන්වනු අප දුටුවේ නැත. එම නමින් හැඳින්වෙන ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයකු ඉන්දියාවේ නම් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස