පාතාළය සුද්ද කරන මෙහෙයුම් දිගටම! T-56 ගිනි අවි 12ක් අත්අඩංගුවට! මෙරට පාතාළයෙන් ඇල්ලු වැඩිම ආයුධ තොගය මෙයයි!

June 29, 2020 at 3:38 pm | by emanisa.lk

මෙරට පාතාළ කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි ප්‍රමාණය සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද (29) සමත් විය.

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගගන නැමැත්තාට අයත් පාතාල කල්ලියක් සතුව තිබූ මෙම ගිනි අවි සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව එහි කණ්ඩායමක් අද පෙරවරුවේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පාතාල කල්ලියට අයත් බව කියන ටී-56 වර්ගයේ ගිනි අවි 12ක් සොයා ගැනීමට හැකි විය.

අදාළ ගිනි අවි සමග ”ගගන” නැමැත්තාගේ ගෝලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය සැලකෙන්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබීය දී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස