ඩුබායි පාටියේ රාජතාන්ත්‍රිකයා මාතර මන්ත්‍රී කෙනෙක්! සාදයේ වියදම ලක්ෂ 90යි! මදූෂ් ආවේ ලිමොසින් කාරයක!

February 8, 2019 at 7:32 am | by admin

මදූෂ් සමග ඇල්ලූ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය හිමියා කඹුරුපිටියය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව වාර්තා වෙයි. මෙම සාදය සඳහා පොලිස් කොස්තාපල්වරයකු බන්ධනාගාර නිලධාරියකු සහ තවත් පාතාළ සාමාජික පිරිසක් ද සහභාගී වූහ. අමල් පෙරේරා ඇතුළු නවක ගායක පිරිසක් ද ඒ අතර වෙයි.

මදූෂ්ගේ දෙවන බිරිඳගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් තරු හයේ සුපිරි හෝටලයක සංවිධානය කළ මෙම සාදය සඳහා ඔහු රුපියල් ලක්ෂ 90ක් පමණ වියදම් කර ඇති අතර මදූෂ් සාදය සඳහා පැමිණ ඇත්තේ සුඛෝපභෝගී ලිමොසින් රථයකිනි. එම රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර රුධිරය පරික්ෂා කිරීමේ දී අමල් පෙරේරා නීති විරෝධි මත්ද්‍රව්‍යය භාවිත කර තිබූ බව තහවුරු වී ඇතැයි ද වාර්තා වෙයි. එය එම රටේ දඬුවම් ලැබිය හැකි වරදකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *