එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සමාජික සොත්ති උපාලිගේ පුතා හෙරෝයින් තොගයක් සමග අල්ලයි!

April 3, 2019 at 4:36 am | by admin

ප්‍රකට පාතාල නායකයෙක් වූ සොත්ති උපාලි නැමැත්තාගේ පුත්‍රයා හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 ක් හැවිරිදි රාවතාවත්ත, මොරටුව යන ලිපිනයේ පදිංචි අරඹවෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න නැමති අයෙකි.

අද (02) උදෑසන 10.15ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ තුඩුවාමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ සොත්ති උපාලි කොළඹ පාතාළයේ ප්‍රබලයකු බවට පත්ව සිටියේය. ඔහු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළේ ජනාධිපති ප්‍රේමදාස විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස