ඩුබයි අත්අඩංගුවේ මාස ගණනක් සිටි නදිමාල් ලංකාවේ පැය කිහිපයකින් ගෙදර! මදූෂ් සමග සබඳතා නිසා ලලිත් කුරේ කොළඹ අපරාධ කොට්ඨාශයට!

March 27, 2019 at 4:24 pm | by admin

ඊයේ දිනයේ ඩුබාහි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා බන්ධනාගාර නියාමක ලලිත් කුරේ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සවස අමල් පෙරේරා නිදහස් කර තිබේ.

පාතාළ නායක මදූෂ්ගේ සාදයකට සහභාගී වීමට ගොස් සිටිය දී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 31 දෙනා අතරින් දෙදෙනකු මාස දෙකකට පමණ පසු මෙලෙස නිදහස් වූ අතර සෙසු පිරිස තවමත් ඩුබායි අත්අඩංගුවේ පසුවෙයි.

ලලිත් කුරේ නමැති බන්ධනාගාර නියාමකවරයා මදූෂ් සමග සබඳතා පවත්වා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇති අතර ඔහු වැඩි දුර ප්‍රශ්න  කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *