ඩුබායි බලධාරීන් කංජිපානීලා පිටුවහල් කළේ පළායන්න! ඒ අවසරයෙන් අද මාකඳුරේ මදූෂුත් පළායාමේ අවධානමක්!

March 29, 2019 at 3:33 pm | by admin

පාතාළ නායක මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට පත් කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාළ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු ලංකාවට පිටුවහල් කිරීමේ දී ඩුබායි බලධාරීන් සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර නැති බව හෙළි වී ඇත.

කිසිවකු රටකින් රටකට පිටුවහල් කරන්නේ නම් එම පුද්ගලයාගේ අදාළ ලිපි ලේඛන ගුවන් නියමුවා මාර්ගයෙන් අනෙක් රටේ ආගමන විගමන නිලධාරීන් වෙත යැවීම සිදුවෙයි. නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා පිටුවහල් කිරීමේ දී එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ඩුබායි බලධාරීන් පාතාළ කල්ලි සාමාජිකයන් පිටුවහල් කිරීමේ ද එය අනුගමනය කර නොමැත.

මෙම දරුණු පාතාළ කල්ලි සාමාජික පිරිස ලංකාවට එවා ඇත්තේ සාමාන්‍ය මගීන් ලෙස වන අතර කංජිපානි ඉම්රාන් ලංකාව ඔස්සේ මාලදිවයින කරා පළා යාමට උත්සාහ කර ඇත්තේ මෙම අවසරයෙනි. මොහු ලංකාවට පැමිණ ඇත්තේ ලංකාව ඔස්සේ මාලදිවයින බලායාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ද රැගෙනය.

ආගමන විගමන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සුපරික්ෂාකාරීත්වය නොවන්නට ඔවුන්ට ඉතාම පහසුවෙන් රටින් පළා යාමට අවකාශ තිබිණි. මෙය පාතාළ කල්ලිය ඇතැම් ඩුබායි බලධාරීන්ගේ සහාය ඇතිව රටින් පළා යාමට සැලසුම් කළ මෙයෙයුමක් විය හැකිය.

ඩුබායි බලධාරීන් මේ ආකාරයටම මාකඳුරේ මදූෂ් ද ලංකාවට පිටුවහල් කළහොත් ඔහු ද නැවත රටින් පළා යාමේ අවධානමක් තිබේ. අමල් පෙරේරාගේ පවුලේ නීතිඥයා ලෙස ඩුබායි බලා ගිය ශාබ්ධික වෙල්ලප්පුලි එරට සිට ඊයේ ප්‍රකාශ කළේ අද (29) මාකඳුරේ මදූෂ් ඇතුළු සියලු දෙනා ලංකාවට පිටුවහල් කිරීමේ හැකියාවක් ඇති බවය.

ඩුබායි බලධාරීින් මේ පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් නොකළ ද මේ කල්ලියේ සිටින රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියාට එය ලබා ගැනීමට උදව් කළ දේශපාලනඥයා මේ වන බෙහෙවින් කලබල වී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස