දුම්පානයේ භයානකකම මෙන්න! එකම දුම්වැටිය බිව් 5කට කොරෝනා!

April 12, 2020 at 7:41 am | by emanisa.lk

ඊයේ (10) දින ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් පස් දෙනාට රෝගය වැළඳී ඇත්තේ එකම දුම්වැටි පානය කිරීමෙන් බවට සෞඛ්‍ය අංශ සැක පළකරයි.

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ දී සොයා ගැනුණු කොරෝනා රෝගීන් 5 දෙනා ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ, එම පුද්ගලයින්, පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයේදී  හොර පොල් කැඩීමට ගොස් හසුවූ පුද්ගලයා සමග එකම දුම්වැටිය බෙදාගෙන පානය කර ඇති බවය.

අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව පසුව අනාවරණ විය.

පසුව බුද්ධි අංශ දියත් කළ මෙහෙයුමකදී ඔහු සමඟ සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 28 දෙනකු ඕලුවිල් නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස