දික්ඕව්ට ධීවරයෙකුට කොරෝනා! 100ක් පමණ නිරෝධායනයට!

October 10, 2020 at 6:26 pm | by emanisa.lk

හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ 28 හැවිරිදි ධීවරයෙක්ට බව සඳහන්ය.

මිට පෙර වාර්තා වූ කොරෝනා ආසාදිත හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ සමීප ආශ්‍රිතයෙක් බවට සැලකෙන මෙම පුද්ගලයා ඉකුත් මස 30 වෙනිදා පෙර ආසාදිතයා සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් ඇත.

පසුව ඔහු පසුගිය 08 වෙනිදා තවත් ධිවරයින් 06 දෙනෙකු සමග මසුන් මැරීම සඳහා බහුදින ධිවර යාත්‍රාවකින් මුහුදු යාමට පිටත්වී ගොස් ඇත.

කෙසේ හෝ මෙම ධිවරයාගේ පෙර ආශ්‍රිතයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග ඔහු ගමන් ගත් ධීවර යාත්‍රාව යළි මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව ඊයේ දිනයේදී දික්ඕවිට වරායට සේන්දු වූ එම යාත්‍රාවේ සිටි මෙම ධිවරයාගේ PCR පරීක්ෂණය සිදුකොට ඇති අතර එහිදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මේ හේතුවෙන් එම ධීවරයා සමග මසුන් මැරීමට මුහුදට ගිය සෙසු ධිවරයින් 06 දෙනා එම යාත්‍රාව තුලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ඇත.

හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිත රෝගියා හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10 ක පුද්ගලයින් 52ක්, දේවස්ථානයක පියතුමන්ලා දෙදෙනෙකු සහ මාරවිල ප්‍රදේශයේ සාත්තු නිවාසයක විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් හා තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොහොයුරියන් 05 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයින් 37 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත. මේ අතර නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ද සිටින බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස