දිවුලපිටියේ කොරෝනා පොකුර පුපුරා යාමේ අවදානමක්! ඇඟළුම් කම්හලේ සේවක පිරිසක් රට පුරා විසිර ගිහින්!

October 5, 2020 at 12:32 pm | by emanisa.lk

කෙරෝනා ආසාදිත දිවුලපිටියේ කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එම කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා අසාදනය වී ඇති බව ඊයේ අනාවරණය විය.

මෙම ඇගළුම් කම්හලේ සේවය කළ පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත පිටත්ව ගොස් ඇති බවත් ඔවුන් සොයා නිරෝධායනයට යොමු කිරීමේ මෙහෙයුම් මේ වන විට අරඹා ඇති බවත් වාර්තා වෙයි.

මේ වන විට දිවුලපිටිය කොරෝනා පොකුරින් රෝගීන් 71 දෙනෙකු වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *