රට පුරා තැන තැන රෝගීන් මතුවෙන්න පුළුවන්! රට කොරෝනා දෙවන රැල්ලක අවදානමේ! – වෛද්‍යවරු අනතුරු අඟවති…

October 4, 2020 at 8:18 pm | by emanisa.lk

අද උදෑසන කොරෝනා ආසාදිත බව හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ වන විට එම කාන්තාවගේ ආසාදිතයන් 400ක් පමණ හඳුනා ගෙන නිරෝධායනයට යොමු කරමින් ඇති අතර බොහෝ දෙනා ඈ සේවය කළ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවකයන් බව වාර්තා වෙයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසන්නේ එම කාන්තාවට රෝගය වැළඳුණු ආකාරය සහ ඇගෙන් රෝගය වැළඳුණු අය තවමත් සොයන බවය.

මෙය ලංකාවේ සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වන පළමු අවස්ථාව බව ද මෙසේ ම තවත් ප්‍රදේශවලින් ආසාදිතයන් මතු වීමේ අවදානමක් ඇති බව ද ඔහු අවධාරණය කළේය.

වෙනත් රටවල කොරෝනා දෙවන තෙවන රැලි ආරම්භ වූයේ මෙලෙස සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග බවත් ඔවුන්ට එම තත්ත්වය තවමත් පාලනය කරගත නොහැකි වී ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙතෙක් කොරෝනා සඳහා නිවැරදි ඖෂධයක් සොයා ගෙන නොමැති බවත් ඖෂධයක් සොයා ගන්නා තුරු නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා සමග ජීවත් වීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස