දිවුලපිටියේ කතට කොරෝනා වැළඳුණු පොකුර අභිරහසක්! අනවශ්‍ය ගමන් බිමන් නවතන්න! සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන්න! – යුද හමුදාපති

October 4, 2020 at 11:01 am | by emanisa.lk

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු පවසන්නේ මේ හේතුවෙන් ජනතාව වැඩි අවධානයක් යොමුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකී සිටීම වැදගත් බවය.

වඩාත් සැලකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ ද ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම ඇය IDH රෝහලට ඇතුළත් කර තිබේ.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව සුව වී නිවසට යන අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයකු බවට හඳුනාගෙන තිබුණි.

මෙම කාන්තාව මිනුවන්ගොඩ Brandix ඇඟළුම් කර්මාන්තායතනයේ සේවිකාවක් බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස