දිවුලපිටිය Brandix කම්හලේ කොරෝනා පොකුරක්! තවත් ආසාදිතයන් 69ක් මතුවෙයි!

October 5, 2020 at 11:21 am | by emanisa.lk

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ.

මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකු පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *