දිවුලපිටියෙනේ කොරෝනා රෝගියෙක්! වැළඳුණු හැටි අභිරහසක්! 55ක් නිරෝධායනයට!

October 4, 2020 at 8:19 am | by emanisa.lk

දිවුලපිටිය ප්‍ර දේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී IDH රෝහලට ඇතුළු කර තිබේ.

උණ වැළඳී ගම්පහ රෝහල ට ඇතුළත් කළ මෙම කාන්තාව සුව වී රෝහලින් පිටව යන අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයේ දී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ සමග ගම්පහ රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක් ද අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ 40 දෙනෙක් ද නිවසේ නිරෝධායනයට යොමු කර ඇත.

තව දුරටත් එම කාන්තාවගේ ආශ්‍රිතයන් හඳුනා ගන්නා අතර ඇයට රෝගය වැළඳුණු ආකාරය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරේ.

මෙම කාන්තාවට රෝගය ආසාදනය වූ ආකාරය හඳුනා නොගැනීම බරපතළ තත්ත්වයක් වන අතර මහ ජනතාව වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය අංශ අවවාද කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස