මිනුවන්ගොඩ කොරෝනා පොකුරු දරුණු වෙයි! ආසාදිතයන් 101ක් වාර්තා වෙයි!

October 5, 2020 at 11:31 pm | by emanisa.lk

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (05) රාත්‍රී 9.40 වන විට මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබිණි. ඒ අතර කුරුණෑගල, මොනරාගල, යාපනය, මිනුවන්ගොඩ, කටාන, සීදුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ, මීරිගම, ජාඇල සහ මහර යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස