ජවිපෙ වර්ණනා කළ කේරළයේ කොරෝනා රැල්ලක්! දිනකට ආසාදිතයන් සිය ගණනක් වාර්තා වෙයි!

June 7, 2020 at 6:18 pm | by emanisa.lk

පසුගිය කාලයේ කොරෝනා වෛරසය දැඩි ලෙස පාලනය කළ කේරළ ප්‍රාන්තයෙන් මේ වන විට ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව පසුගිය 05 වෙනිදා නව ආසාදිතයන් 111ක් ද 06 වෙනිදා නව ආසාදිතයන් 108ක් ද වාර්තා වී තිබේ.

මෙයට හේතුව වෙනත් ප්‍රාන්තවල සහ විදෙස්ගතව සිටි කේරළ වැසියන් නැවත සිය ගම්බිම් වෙත පැමිණීම බව ද වාර්තා වෙයි.

පසුගිය 06 වෙනිදා වාර්තා වූ ආසාදිතයන් අතරින් 64 දෙනෙක් විදෙස් රටවල සිට පැමිණි අතර 34 දෙනෙක් වෙනත් ප්‍රාන්තවල සිට පැමිණි අයයි. ඒ අතරින් රට තුළ ආසාදනය ඇත්තේ 10 දෙනෙකුට පමණි.

මේ වන විට කේරළයෙන් ආසාදිතයන් 1807ක් වාර්තා වන අතර සුවපත් පිරිස 762කි. මරණ 15ක් වාර්තා වෙයි.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සමයේ පැවසුවේ කේරළය සමාජවාදී පාලනයක් පවතින නිසා කොරෝනා පාලනය සාර්ථක වී ඇති බවත් ලංකාව ද එය ආදර්ශයට ගතයුතු බවය.

මෙයට පෙර කියුබාව, වියට්නාමය සහ රුසියාව වැනි රටවල් ද ලංකාව ආදර්ශයට ගතයුතු බව පැවසුව ද එම රටවල කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය අනතුරුව ඉහළ ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස