මම අද ලාඕසයට කතා කළා! එහේ එක ලෙඩෙක් නෑ! – ලංකාවේ කොරෝනා සටනට සමච්චල් කරන්න ජවිපෙ ලෝක සිතියම පීරයි… (video)

May 16, 2020 at 9:53 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන සටන කාම්බෝජය, ලාඕසය සහ මැලේසියාව ආදී රටවලට වඩා පහළින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

“මම දැන් කතා කළා ලාඕසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට. ඔවුන් දෙවෙනි ලෙඩා දකින කොට රට බාගෙට වහනවා. 6 වෙනි ලෙඩා හම්බ වෙන කොට රට සම්පූර්ණයෙන් වහනවා. අදට මාසයයි එක ලෙඩෙක් හම්බ වෙලා නෑ. තවමත් රට වහලා. තව දවස් 4කින් සමාලෝචනය කරන්නේ.”

හිරු නාළිකාවේ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජවිපෙ නායකයන් මෙරට පෙර සඳහන් කළේ ලංකාව ඝර්ම කලාපයේ නිසා කොරෝනා ව්‍යාප්තිය අඩු බවය. එසේම කියුබාව, වියට්නාමය සහ කේරළයේ කොරෝනා ව්‍යාප්තිය ලංකාවට වඩා අඩු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස