අපි එක්ක ඉන්න ප්‍රභාකරන්ට එරෙහි වුණ කරුණා! විපක්ෂයේ ඉන්නේ ප්‍රභාකරනු එක්ක ඩීල් දැම්ම හකීම්ලා මනෝලා! – මුසාම්මිල් (video)

June 23, 2020 at 7:49 pm | by emanisa.lk

කරුණා අම්මාන් සිය කඳවුරට පිළිගත්තේ ඔහු කොටි සංවිධානයත් ප්‍රභාකරනුත් අතහැර පැමිණි පසු බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාම්මිල් පවසයි.

එහෙත් විපක්ෂයේ සිටින්නේ ප්‍රභාකරන්ට අතට අත දී ගිවිසුම් ගැසූ රවූෆ් හකීම් කොටින්ගේ පොංගු තමිල් උ⁣ත්සවවලට ගොස් ඊළම වෙනුවෙන් හඬ නැඟූ මනෝ ගනේෂන් වැනි ත්‍රස්තවාදය බෙදුම්වාදය සමග ඩීල් දැමූ අය බව ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව සඳහන් කළ මුසාම්මිල් වැඩි දුරටත් විමසා සිටියේ හදිසියේ රණවිරුගාය වැළඳුණ ජාතික හෙළ උරුමය තමන්ද නියෝජනය කළ පසුගිය ආණ්ඩුව ජිනීවා ගොස් රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසන විට සිටියේ කොහිද කියාය.

https://www.facebook.com/100005282922118/posts/1490981151087968/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස