තාප්පවල චිත්‍ර ඇඳීම හොඳයි! ඒත් යුද ජයග්‍රහණය ඇඳීම වැරදියි! එහෙනම් යුද අපරාධත් පිළිගන්න ඕන! – මනෝ ගනේෂන් (video)

December 15, 2019 at 8:22 am | by emanisa.lk

තරුණයන් එක්ව රටේ මාර්ග දෙපස තාප්පවල චිත්‍ර ඇඳීම හොඳ දෙයක් බවත් එමගින් රට පිරිසිදු වන බවත් හිටපු ජාතික ඒකාබද්ධතා ඇමති මනෝ ගනේෂන් පවසයි.

එහෙත් යුද්ධය පිළිබඳ චිත්‍ර ඇඳීම පිළිගත නොහැකි බවත් යුද්ධ කළේ වෙනත් රටක පුරවැසියන් සමග නොව මෙරටම පුරවැසියන් සමග බවත් ඔහු පෙන්වා දෙයි.

යුද්ධය යනු කඳුලු සහ මරණය බවත් එය අමතක කර ඉදිරියට යා යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මැදිහත් වී මෙම චිත්‍ර ඇඳීම වළක්වා ඒ සඳහා නීති මාලාවක් හඳුන්වා දිය යුතු බවත් හෙතෙම පවසයි.

යුද ජයග්‍රහණය පිළිබඳ කතා කරන්නේ නම් යුද අපරාධ පිළිබඳව ද කතා කිරීම නිවැරදි බව ඔහු අවධාරණය කරයි.

වීඩියෝව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස