ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ජනාධිපති එක් පැත්තක සහ අගමැති තව පැත්තක සිටියාට ප්‍රශ්නයක් නැති බවත් බය නැතිව තමන් දිනවා අගමැති කරන ලෙසත් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරණ සමයේ තමා ජනතාවගේ දෙපා මුලට යන බව රෑට රෑට ජනතාව වෙත ගොස් දුකසැප සොයා බලන බව පැවසූ විට පිරිසක් සිනාසුන ද අද එසේ දුකසැප සොයා බලන පාලනයක් රටට උවමනා වී ඇතැයි ද හෙතෙම පැවසීය.
කොළඹදී පැවති (12) මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.