එජාපයේ නීති වෙට්ටුව අසාර්ථකයි! සමගි බලේ නාමයෝජනාවට එරෙහි පෙත්සම අධිකරණය ඉවත දමයි!

June 9, 2020 at 3:35 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරි මහමැතිවරණය සඳහා භාර දී තිබෙන නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔ්ෂල හේරත් විසිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස