ආණ්ඩුව මේ වන විට ජනතාවට ලබා දී ඇති බදු සහන නිසා රාජ්‍ය ආදායමින් 25%ක් පමණ අහිමි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
මේ නිසා අපේක්ෂිත රාජ්‍ය ආදායම රු. බිලියන 2000න් රු. බිලියන 500ක් අහිමි වන බව ද ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය බදු ආදායම එලෙස අඩු කරමින් ජනතාවට රජයේ රැකියා ලක්ෂයක් ලබා දීමට යාමෙන් රටේ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ගොදුරු වනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.
Copyright © 2025 emanisa.lk