කොරෝනා සමාජගත වීමේ අවදානමක්! ලැඟුම්හලක සිටි කතට කොරෝනා? ඈ සමග සිටි ආරක්ෂක අංශ සාමාජිකයා අතුරුදන්!

May 22, 2020 at 9:36 am | by emanisa.lk

කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප‍්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කරයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම්හලෙන් පිටව ගොස් ඇති අතර ඔහුගේ යැයි සැක කෙරෙන ගමන් මල්ලක තිබී ආරක්‍ෂක අංශයට සම්බන්ධ නිල ඇඳුම් සොයාගෙන තිබේ.

අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක වන හැවිරිදි මෙම කාන්තාව අනතුරුව රෝහල්ගත කර ඇති අතර ඇගේ පරීක්සණ වාර්තා අද (22) ලැබීමට නියමිතය.

මේ වන විටත් ලැගුම්හල් විවෘත කිරීම නීතියෙන් තහනම් අතර මෙම ලැගුම්හලද අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධීවය. එහි සේවය කළ තරුණයෙකු ද එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1,055 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දින පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ වෛරසය ආසාදනය වී සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 604 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස