කන්න නැත්නම් මැටි ගිලලා හරි ගෙදර හිටපල්ලා! එහෙම කැප නොවී මේ ප්‍රශ්නය විසඳන්න බෑ! රනිල් මෛත්‍රී හිටියා නම් අද ලංකාවම කොරෝනාවක්!- පිටිදූවේ සිරිධම්ම හිමි (video)

April 12, 2020 at 4:34 pm | by emanisa.lk

කොරෝනා උණ වසංගතය පැතිර ගිය අවස්ථාවේ මෙරට පාලනය කළේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ නම් එකිනෙකාගෙන් කකුලින් අදිමින් මුළු ලෝකෙම කොරෝනාකාරයන් මෙරටට ගෙන්වාගෙන රට මහා විපතකට හෙළන බව දෙහිවල නැදිමාල ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියෝ සඳහන් කරති.

නමුත් අද සිටින ජනාධිපති අගමැති මෙම ප්‍රශ්නය මගහැර යාමට උත්සාහ නොකළ බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් ලෙස කරට ගත් බවත් උන්වහන්සේ පැවසූහ.

අද වන විට ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ දියුණු කියයි කියන රටවලට වඩා ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතය සඳහා මුහුණ දෙන බවද උන්වහන්සේ කීහ.

එනිසා මේ මොහොතේ කෑම බීම හෝ වෙනත් අඩුපාඩු ඇතත් නිවෙස්වලට වී වතුර ටිකක් බී හෝ සිටිනා ලෙසත් එහෙත් නැත්නම් මැටි හෝ ගිලින ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

එසේ නොමැතිව මේ ගැටලුවට විසඳුම් ලබා දිය නොහැකි බවත් ජනාධිපතිවරයා ද ඍජු තීන්දු ගනිමින් කටයුතු කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය අනුව මේ ප්‍රශ්නය විසඳු පසු කටයුතු කළ හැකි බවත් සඳහන් කළේය.

https://www.facebook.com/SriANetwork/videos/2308370759458660/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස