ආණ්ඩුව වරද නිවැරදි කරයි! සියලු සුරාසැල් වහාම වසා දැමේ!

April 21, 2020 at 8:56 am | by emanisa.lk

රට පුරා පිහිටි සියලු සුරාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය එ්කකය එහි ප්‍රධානී මොහාන් සමරනායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් ඒ බව දැනුම් දී තිබේ.

කොරෝනා වංසගත අවදානම සමග වසා දැමූ සුරාසැල් ඊයේ නැවත විවෘත කළ අතර ඒවා විවෘත වීමට පෙර සිටම දිගු පෝලිම් දැකගත හැකිවිය.

කෙසේ වුවද සුරාසැල් විවෘත කිරීමට ගත් තීන්දුව සමාජමාධ්‍යවල මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ ද විරෝධයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස