ඊයේ (31) නාවුක හමුදා විසින් ලංකාවට කිලෝමීටර් 900ක පමණ ගැඹුරු මුහුදේ කරන ලද මෙහෙයුමකින් රු. බිලියන 20ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර අයිස් යනුවෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය කිලෝ 615ක් හා හෙරොයින් කි. 500ක් සහ බාබුල් මත්ද්‍රව්‍ය මෙන්ම තවත් මත්පෙති තොගයක් ද තිබී ඇත.
එම තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් බිලියන 20ක් බව වාර්තා වේ. මෙය ලංකාවේ දී අත්අඩංගුවට පත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.