ආණ්ඩුව කෝච්චියට ආරක්ෂකයන් යොදයි! රට පුරා කෝච්චියේ කුඩු අදින වැඩේ අඩාලයි! කුඩු සල්ලි නැතැයි දුම්රිය රියදුරෝ අකුරට වැඩ කරති!

March 4, 2020 at 8:13 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රචලිතම ක්‍රමය දුම්රිය බවට හඳුනාගෙන ඇති බව අමාත්‍ය විමල් විරවංශ පවසයි.

එනිසා දුම්රියට ආරක්ෂක නිලධාරින් යෙදවීම පිළිබඳ අමනාපයෙන් සිටින ඇතැම් දුම්රිය රියැදුරන් ජනතාව අපහසුතාවට පත්වන පරිදි හිතාමතාම දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන ඇමතිවරයා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදීය.

දුම්රියට ආරක්ෂක නිලධාරින් යෙදවීමෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙන පුද්ගලයන්ට සිදුවන බාධා නිසා ඔවුන්ගෙන් වාසි ලබන දුම්රිය රියැදුරන්ට එය නොලැබී යාමේ වෛරය ඔවුන් දුම්රිය ප්‍රමාද කරවා ධාවනය කර අහිංසක ජනතාවගෙන් පිරිමසා ගන්නා බව ඇමැතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස