88-89 තරුණයන් දහස් ගණනක් මරාදැමූ එජාපය කුඩුකාරයන් එල්ලන්න විරුද්ධ වීම පුදුමසහගතයි! – වාසුදේව

July 1, 2019 at 5:36 pm | by emanisa.lk

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම පැනවීමේ කිසිදු වරදක් නොමැති බව සිය පෞද්ගලික මතය යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පැවසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක වූ අවස්ථාවක සිරකරුවන් තුළ තිබූ කම්පනය සිරකරුවකු ලෙස සිටියදී 1972 වසරේදී හොඳින් අත්දුටු බවද, එහෙත් මත්රකුසාගෙන් රට ගලවා ගැනීමට වෙනත් මඟක් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

එදා, උතුරේත්, දකුණේත් හටගත් යුද්ධයෙන් මිනිසුන් දහස් ගණනකට මරණය හිමිවූ බවද, දකුණූ ආසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අමතක වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

88 – 89 භීෂණ යුගයේ දී තරුණයින් දහස් ගණනකට මරණය ගෙන දුන් එජාපය අද මරණ දඬුවමට විරුද්ධවීම පුදුම සහගත බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල කොටා පාරේ, ආචාර්ය අන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස