GSP+ මුවාවෙන් මගේ ස්වෛරී රටට තර්ජනය කරන්න එපා! – ජනපති යුරෝපා සංගමයට දැඩිව කියයි

July 2, 2019 at 11:26 am | by emanisa.lk

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය හකුලා නොගත්තොත්, ජී.එස්.පී ප්ලස් සහනය ලබා නොදෙන බවට යුරෝපා සංගමය විසින් පවසා ඇති බවත් එය එක් ආකාරයක තර්ජනය කිරීමක් ලෙස පෙනී යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.

ඔවුන් ලබාදෙන ආධාර රටට අවශ්‍ය වුවත්, ස්වෛරී ස්වාධීන රටකට තර්ජනය කිරීමේ හැකියාවක් වෙනත් රටකට නැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මේ අතර ජනාධිපතිවරයා තමන්ගේ රටේ ඇතිව තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තේරුම් ගන්නා ලෙසත් ඇතිව තිබෙන ප්‍රශ්නය හමුවේ තමන් මරණීය ද‍ඬුවමට අත්සන් තැබූ බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පැවසු බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ ( 01) මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස