ඇමති මණ්ඩලේ ඉන්නේ කුඩුකාරයෝ නෙමේ, වැදගත් මිනිස්සු!

February 21, 2019 at 8:58 am | by admin

මණ්ඩලයේ සිටින්නේ සාමාන්‍යයෙන් වැදගත් ආකාරයට ජීවත් වන අය බවත් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා පැවසීය.

පසුගිය බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ සරත් ෆෝන්සේකා මහතා මේ බව කියා සිටියේය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ ඉන්නේ සාමාන්‍යයෙන් වැදගත් ආකාරයට ජීවත් වන අයයි. ඒ නිසා මත් ද්‍රව්‍ය භාවිත කරන ඇමතිවරුන් සිටින බවට මම විශ්වාස කරන්නේ නෑ.නමුත් මන්ත්‍රීවරුන් නම් ඉන්න පුළුවන්.අපි ඉතිං ප්‍රවීන වයෝවෘද්ධ අයනේ. අපි කුඩු ගැහුවොත් ඉතිං තව කාට හරි වෙයි ඇවිත් උස්සගෙන යන්න.

ඒ වගේ අයව පාර්ලිමේන්තුවට එවන ජනතාව තමයි එහි ප්‍රධාන වගඋත්තරකරුවා වන්නේ.ජනතාව තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම ගන්න ඕනේ හරි පුද්ගලයින් පාර්ලිමේන්තුවට එවලා.ඒ වගේ දුරාචාර වලට යොමු වෙලා ඉන්න අය පාර්ලිමේතුවට එවනවා නම් ඒවායේ ආදීන වලට මුහුණ දෙන්න වෙන්නෙත් ජනතාවටම තමයි.

අපිට ගනුදෙනු නැහැ කාත් එක්කවත්.ජනාධිපතිවරයෙන් මම ජය ගත්තා. නමුත් ඒක කොල්ල කෑවා.එදා ජයග්‍රහනය මට දුන්නා නම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දේශපාලනයේදී වුණත් කිසියම් කෙනෙක් වරදක් කරනවා නම් අපිට බය නැතිව කථා කරන්නත් පුළුවන්. ඒ අයට එරෙහිව ක්‍රියා කරන්නත් පුළුවන්. නීතිය කෙලින් ක්‍රියාත්මක වෙන්න දෙනවා නම් ඔය වාගේ දේවල් නවතිනවා. අදත් මේ රටේ තියන ගැටළුව ඕක තමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *