කොරෝනා නිසා පසුබැස්ස ආර්ථිකය යළි නැඟිටියි! ජුනි මස ඩොලර් මිලියන 950ක අපනයන වර්තාවක්!

July 9, 2020 at 10:08 am | by emanisa.lk

පසුගිය සමයේ කොරෝනා වසංගත තත්ත්වය නිසා බිඳ වැටුණු අපනයන ආර්ථික කටයුතු මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

අප්‍රේල් මස ඩොලර් මිලියන 250ක් වූ අපනයන ආදායම ජුනි මස වන විට ඩොලර් මිලියන 950 දක්වා ඉහළ නැඟ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

“අද වන විට ජුනි මාසයේ අපනයන ප‍්‍රමාණයට අවසන් දැනුම් දීම ලැබිලා තියෙනවා. ජුනි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 950ක අපනයනය කරන්න අපිට හැකිව තිබෙනවා. ඉතා සතුටුදායක ජයග‍්‍රහණයක් වනවා. නමුත් අප්‍රේල් මාසයේ මෙය 250තෙක් බැහැලා තිබුණා මේ කොරෝනා උවදුරත් එක්ක. ඒ කියන්නේ ඒක U turn එකක් වගේ නොවෙයි V turn එකක් හැටියට ඉහළ මට්ටමකට ආවා. 250 ඉඳලා 950කට නැගීම 2019 ප‍්‍රමාණයෙන් 90%කට ආසන්න ප‍්‍රමාණයක් අපි නැවත අත්පත් කරගෙන තිබෙනවා. මොකද අපේ රටේ කොරෝනා උවදුර පහවීම උඩ බොහෝම සැහැල්ලුවට අරන්.

ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, බලගතු එංගලන්තය, හා බ‍්‍රසීලය මේ ඔක්කෝම රටවල් වල ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අතර, ආර්ථිකය ජීවනනෝපාය කඩා වැටී ඇති මොහොතක අපේ ශ්‍රී ලංකාව බේරගෙන තියෙනවා.

දැන් මැතිවරණය. වෙන වෙන දේවල්වලට වඩා ජනතාව තීන්දු කළ යුත්තේ මේ කෝවිඩ් උවදුරින් මේ රට සහ රටේ ජනතාව බේරාගත්ත ඉදිරි කටයුතුවලට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට මෙතනින් එහාට ගෙනියන්න.

අපි ජනාධිපති මැතිවරණයට එද්දී අපි බලාපොරොත්තු වුනේ නැහැ මෙවැනි තත්වයක්. අපි දැනගෙන හිටියා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ කියලා. අපේ සදාචාරාත්මක නීතිගරුකභාවය වගේම වෙන උවදුරු රාශීයක් ජාතික ආරක්ෂාව මෙන්ම කුඩු වසංගතය හා පාතාලය වැනි දේවවලින් මේ රටට විශාල වශයෙන් තර්ජනවලට මුහුණ දෙන්න ජනාධිපතිතුමාත්, අගමැතිතුමත්, රජයත් සුදානම් වුණා. මේ කෝවිඩ් උවදුරට අපි සුදානම් නොවුණ අවස්ථාවක ඊට මුහුණදීම ඒ වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම සතුටු විය යුතුයි.

දැන් ජිවනෝපාය අතින් ගත්තාම අපි පටන් ගත්ත වේලාව ඉඳලා විවිධාකාරයේ නිතී හා සිමාවන් පනවද්දී මේ රටේ ජිවත් වන ජනතාවගේ විශේෂයෙන් කෘෂිකාර්මික, වැවිලි, ධිවර, කර්මාන්ත, පශූ සම්පත් යන ක්ෂේත්‍ර සියල්ලම නැවත යතාවත් කරන්න සෑම උත්සාහයක් ම ගත්තා. ඒවා සාර්ථක වෙලා තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස