ආර්ථිකය කඩා වැටුණේ කොරෝනා නිසා නෙමේ ගෝඨා නිසා! සජිත් ජනාධිපති වුණා නම් ආර්ථිකය දැන් දියුණු වෙනවා! – නලින් බණ්ඩාර

June 22, 2020 at 8:38 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ අවශ්‍යතාවක් අද මේ රටේ මිනිස්සුන්ට දැනී ඇතැයි පෙනෙන්නට ඇති බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර සඳහන් කරයි.

සජිත් හිටියේ නම් මෙතරම් ආර්ථික කඩා වැටීමක් සිදු නොවන බව ජනතාව පවසන බවද ඔහු පැවසීය.

අද රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය කොරෝනා පිට දමන්න හැදුවද සත්‍ය එසේ නොවන බව ද ඔහු පැවසීය.

නව රජය බලයට පත්වූ වහාම ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් භාණ්ඩාගාරයට ලැබීමට තිබූ ආදායම් විශාල වශයෙන් අඩු වූ බවද ඔහු සඳහන් කළේය.

සමගි ජනබලවේග ජනහමුවක් අමතමින් ඊයේ (21) හෙතෙම මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස