අපි දියුණු කළ ලංකාවේ ආර්ථිකය රු. 5000ක් ගෙවාගන්න බැරිතැනට වැටිලා! ඇමරිකාවේ tv චැනල් පවා ඒක කියනවා! – රනිල් (video)

May 25, 2020 at 11:27 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ ආර්ථිකය කොරෝනා නිසා ආර්ථික අපහසුතාවලට මුහුණපාන ජනතාව වෙනුවෙන් රු. 5000 ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාව වාර්ෂික ණය ගෙවාගත නොහැකි රටවල් පහ අතරට පත්වීමේ අවදානමක් ඇතැයි ඇමරිකාවේ CNN රූපවාහිනිය සඳහන් කරන බව ද හෙතෙම පවසයි.

2018 වසරේ මූඩීස් වැනි ජාත්‍යන්තර ආර්ථික දර්ශකවල ස්ථාවරභාවයක් ලබාගත් ලංකාව පහත හෙළීමට මේ වන විට එම ආයතන සලකා බලමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ පවසයි.

එහෙයින් රටේ ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.

සමාජමාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

https://www.facebook.com/UNPofficialpage/videos/252339279338402/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස