මහින්ද මහත්තයගේ ජනප්‍රියතාව හොඳටම බැහැලා! ප්‍රේමදාස මහත්තයාගේ හොඳටම නැගලා! පොහොට්ටුව හොඳටම බයවෙලා ඉන්නේ! – මරික්කාර්

July 1, 2020 at 1:41 pm | by emanisa.lk

පසුගිය මාස පහක කාලය තුළ අගමැති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියතාව ඉතාම පහළට වැටී ඇතැයි සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් පවසයි.

මේ නිසා සිය කණ්ඩායමේ පුද්ගලයන් අධෛර්මයත් වේ යැයි පොදුජන පෙරමුණ මගින් සිදුකරන සමීක්ෂණවල මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියතාව පිළිබඳ සඳහන් නොකරන බවත් මරික්කාර් අනාවරණය කළේය.

රණසිංහ ප්‍රේමදාස කොටි සංවිධානයට ආයුධ ලබා දුන්නේ නම් ඒ කොටි ලවා ලංකාවේ රැඳී සිටි ඉන්දියානු හමුදාව පළවා හැරීම සඳහා බව ද ඔහු සඳහන් කළේය.

අද වන විට රනිල් වික්‍රමසිංහට පන්සල වෙත යාමට දායක සභාව රැස්කර දෙන්නේ ද මහින්ද රාජපක්ෂ බවත් එහෙයින් එළඹෙන මැතිවරණයේ සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිර බවත් හෙතෙම පැවසීය.

අගෝස්තු 05 පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුව යටතේ කොරෝනා නිසා බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩනඟන තුරු මාස හයක කාලයක් පාසල් සිසුන්ට දිවා ආහාරය නොමිලේ ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස