මිනිස් ජීවිතය තරම් වටිනා වස්තුවක් ලොව නෑ! – අගරදගුරුතුමා

April 29, 2019 at 8:44 am | by admin

අප කොයිකවුරුත් අහසින් බිමට නොවැටෙන අතර අප මවුකුසෙන් බිහිවෙන අය බව තේරුම්ගත යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (28දා) බොරැල්ලේ අගරදගුරු නිල නිවසේ පැවැති ඉරිදා දේවමෙහෙයේදී සඳහන් කළේය. මෙය දයාවේ ඉරුදින මංගල්‍යය ලෙස හඳුන්වා තිබිණි.

පාස්කු ඉරිදා සිදුවූ මහා අපරාධ පිළිබඳව සඳහන් කළ උන් වහන්සේ මෙසේද පැවසූහ.

“අපි කොහොමද තවත් කෙනකුට මරණය දෙන්නේ? එක එක ආකාරයට ගස් වැල් මල් තියෙනවා. පරිසරය ලස්සන වෙන්නේ එතකොටයි. උසස් පෙළ හදාරණ දරුවෙකුගෙන් මම දවසක් ඇහුවා පරමාණුවක් වැදිලා අපි ඔක්කෝම විනාශවෙලා ඔබ විතරක් ඉතුරු වුණොත් මොකද කරන්නේ? කියලා. එතකොට ඒ දරුවා කිව්වා මම විතරක් ජීවත් වෙන්නේ කොහොමද? මමත් මැරෙනවා කියලා.”

“පේරාදෙණිය මල්වත්තේ කාලාන්තරයක් තිස්සේ විශාල ගහක් තිබෙනවා. මේ ගහ පෙරළෙන්නේ නැතිව කොහොමද තියන්නේ කියලා ප‍්‍රශ්නයක් නැගුණා. ඊට එහි සේවකයෙක් උත්තරයක් දුන්නා. ඔහු කිව්වා අතුවලට වඩා මුල් තියෙනවා. ඒකයි මේ ගහ තියෙන්නේ කියලා.”

“ඒ අනුව මිනිස් ජීවිත ශක්තිමත් වෙන්නේ අපේ සහෝදර සහෝදරියන් නිසායි. අපි අහසින් වැටුණ අය නොවේ මවුකුසින් බිහිවූ අයයි.”

“දෙවියන් වහන්සේ වටිනා කෙනෙක්. ආදරය දයාව ලෝකයට ගෙනයන්න දෙවියන් වහන්සේ හුස්ම දුන්නා. අපි හැමට ආදරය කරන්න ඕනෑ. සෑම මිනිසෙක්ම උතුම් වස්තුවක්. මිනිස් ජීවිත තරම් වටිනා වස්තුවක් ලෝකයේ ඇත්තේම නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස