Brandix සේවකයි සහ පවුල්වල අය නිවසින් පිටට යන්න එපා! නිරෝධායන මධ්‍යස්ථාන වෙත යන්න සූදානම් වන්න! – රජය

October 6, 2020 at 5:18 pm | by emanisa.lk

බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලු ම සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුලේ සියලු ම දෙනාට ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර, ඒ සඳහා සියලු ම දෙනා සුදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස