ඉන්දියාවෙන් ගෙනා Brandix සේවකයන් අපි නිරෝධායනය කළේ නෑ! – මහජන සෞඛ්‍ය පරික්ෂකවරු…

October 10, 2020 at 1:12 pm | by emanisa.lk

ඉන්දියාවේ සිට බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ගෙන්වන ලද සේවකයන්ගෙන් කිසිවෙකු තමන් යටතේ නිරෝධායන වී නැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ ඉන්දියාවේ විසාකාපට්නම් සිට ගෙන්වන ලද සේවකයන් මුල් දින 14 හෝටලයක නිරෝධායන වූ බව පැවසුවද ඊළග දින 14 ක කාලය ස්වයං නිරොදායනය විය යුත්තේ තම නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බවයි.

නමුත් ඒ කිසිවෙකු දෙවන දින 14ක කාලය ස්වයං නිරෝධායනය තම සංගමය යටතේ සිදු වී නැති බව සංගමය අවධාරණය කර ඇත.

එමෙන්ම ඩේලිමිරර් පුවත්පත එසේ පැමිණි සේවකයන්ගේ තොරතුරු මත්තල ගුවන්තොටුපල හා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉල්ලා සිටියද තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල බව ද වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස