පැය 24ක් ඇතුළත රෝගීන් 739ක්! මුළු රෝගීන් ගණන 832 දක්වා ඉහළට!

October 7, 2020 at 7:43 am | by emanisa.lk

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවක සේවිකාවන් 124 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා එම පෞද්ගලික ආයතනයේ සේවක සේවිකාවන් 832 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඊයේ දිනයේදී රාත්‍රී 10.00 වන විට රෝගීන් 739ක් වාර්තා වී ඇති අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 4252ක් වන අතර ඉන් 3266 දෙනෙකු සුවය ලබා ඇත. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 973කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *