ආරක්ෂාව මුල්කරගෙන ඡන්ද කල්දැමීම ත්‍රස්තවාදයේම කොටසක්! – මැ.කො. සභාපති

May 16, 2019 at 7:32 am | by admin

රටේ වර්තමාන ආරක්ෂාව පිළිබඳ කරුණු මුල් කරගෙන කිසිවකු මැතිවරණ කල්දැමීමට සූදානම් වන්නේ නම් එය ද ත්‍රස්තවාදයේ කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මේ වන විට රටේ ආරක්ෂක අංශ රටේ ඇති වූ තත්ත්වය බොහෝ දුරට පාලනය කර ඇතැයි ද මැතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහා පසුබිම සැකසීමට ආරක්ෂක අංශවලට හැකියාව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය ද කැඳවිය හැකි බව ද සභාපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස