ඡන්දයක් තියාගන්න බැරි මැතිවරණ කොමිසම වැඩ පෙන්නයි! පොහොට්ටු සභාපති ගෙදර යවයි!

March 17, 2019 at 5:33 pm | by admin

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල එහි සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පැවසුවේ ය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එම්.කේ. අමිල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් සහ සභික ධූරයෙන් ඉවත් කළ බව සඳහන් ලිපිය ඔහුටත්, ඔහුගේ පක්ෂයේ ලේකම්වරයාටත් යොමු කළ බව ය.

2013 වසරේ මැයි මස 26 වන දා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිලට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වුවද 2018 වසරේ බදුල්ල දෙමළ මහ විද්‍යාලයේ ගුරුවරිය දණ ගැස්වූ බවට චෝදනා එල්ල වූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක ද පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු නැවත අධ්‍යාපන ඇමති ධුරයට පත් කළ අතර මෙවැනි දඬුවමක් ලබා දීමට මැතිවරණ කොමිසමට හැකි වූයේ නැත. එහි දී සිදු වූයේ ඌව පළාතට වෙනම දෙමළ අධ්‍යාපන ඇමතිවරයකු පත් කිරීමය. අත්තනෝමතික ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කළ ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *