ආණ්ඩුව සමූපකාර ඡන්දයත් කල්දමයි!

July 11, 2019 at 8:41 am | by emanisa.lk

බස්නාහිර පළාත් සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගැනීමේ නිලවරණය ආණ්ඩුව විසින් ආණ්ඩුකරු ලවා දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි වාර්තා වෙයි.

අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් හෙයින් ආණ්ඩුකරු දින නියම කර සමූපකාර කොමසාරිස් විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබුණ ද එම නිලවරණය පැවැත්වුවහොත් තම පක්ෂය පරාජය වනු ඇති බව ලසන්ත අලගියවන්න පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයා අදාළ තීන්දුව ගෙන ඇති අතර සමූපකාර මණ්ඩල සභාපති ධුර සඳහා ශ්‍රීලනිප සංවිධායකවරු පත් කිරීමට තීන්දු කර ඇතැයි ද පැවසෙයි.

පසුගිය සමයේ පැවති සියලු සමූපකාර ඡන්දවලින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීම මෙම තීන්දුව ගැනීමට හේතුව බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස