ජනාධිපතිට රටෙි තියෙන්නේ ඡන්ද ලක්ෂ තුනයි! ගෝඨා ආවොත් ජනාධිපතිට ඒකත් නැති වෙනවා!

March 24, 2019 at 9:39 am | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ නායකයා ලෙස හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස තමන් පිළිනොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසයි.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තේ ලක්ෂ 13ක පමණ ජන්ද ප්‍රමාණයක් බවත්, එම ජන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ දහයක් පමණ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලබා නොදීම නිසා කළකිරීමට පත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදුණු අපේක්ෂකයින් විසින් ලබාගත් ජන්දය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් ඉතිරි ලක්ෂ තුනක ජන්ද ප්‍රමාණයත් මෛත්‍රීපාල සිරිසේනට අහිමි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස