ජනපතිවරණය පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි! – ජනපති

February 9, 2019 at 2:17 pm | by admin

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අද ප‍්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බව සඳහන් කළේය.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස