ගැමුණු -එළාර විජිතපුර මහ සටන අදයි! හෙට සිට සැවොම එකතු වී අලුත් ජනපති සමග රට හදමු! (video)

November 16, 2019 at 4:09 pm | by emanisa.lk

මේ ජනාධිපතිවරණය ගැමුණු-එළාර අතර පැවති විජිතපුර අවසන් මහ සටනට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

කෙසේ වුවද හෙට සිට පක්ෂ විපක්ෂ භේදයක් නොමැති බවත් අලුත් ජනාධිපතිවරයා සමග රට ගොඩනැඟීමට එකතු විය යුතු බවත් හෙතෙම පවසයි.

මෙවර තමන් ලබන ජයග්‍රහණය සමග එහි සතුට ඉතාම සාමකාමී ලෙස භුක්ති විඳින ලෙසත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ කිසිවකුට වචනයකින් හෝ හිරිහැරයක් නොකරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

නව ජනාධිපතිවරයාගේ මූලික ලක්ෂණයක් වන්නේ විනයගරුකභාවය බවත් පාක්ෂිකයන් ද ඒ අනුව කටයුතු කිරීමට සිතටගත යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස