මගේ රංජන් බෑනාත් ජාවාරම්කරුවෝ මරයි කියලා බයයි! – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

February 26, 2019 at 8:05 am | by admin

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක වන සිය බෑනා කිසිවකු විසින් මරා දමනු ඇතැයි තමන් බියට පත්ව සිටින බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මැති ඇමති පිරිසක් කොකේන් පානය කරන බවට සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සමග ඔහුට ඇමති ධුරය ද අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි ද එම ප්‍රකාශයේ වරදක් තිබේ දැයි ද මාධ්‍යවේදීන් උත්සව සභාවක දී නැඟූ පැනයට පිළිතුරු ලෙස හෙතෙම මෙසේ පැවසීය.

“අනේ බෑනෝ, අවමංගල්‍ය වර්ණනාවක් නම් මට කරන්න ඉතුරු කරන්න එපා. කවුරු හරි එයාව මරනවා ඔය විදිහට ගියාම.” යැයි මහාචාර්යවරයා පැවසීය.

ලොව පුරා මත් ද්‍රව්‍ය, ඖෂධ ආදී ජාවාරම්වලට එරෙහි වන පුද්ගලයන් අභිරහස් ඝාතනය කිරීම ප්‍රසිද්ධ රහසක් නිසා මහාචාර්යවරයා මෙසේ පවසන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස