මැති ඇමති කුඩුකාර ලැයිස්තුවක් ඉදිරිපත් කළ රංජන්ට කැකිල්ලේ තීන්දුවක්! එජාප විනය කමිටුව හමුවට කැඳවයි!

February 20, 2019 at 7:29 am | by admin

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු 25 දෙනෙකු කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා කරමින් ඔවුන්ගේ නම් ලැයිස්තුව කතානායකවරයාට භාරදුන් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක එජාප විනය කමිටුව හමුවට කැඳවීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

අදාළ තොරතුරු කතානායකවරයාට රාජ්‍ය අමාත්‍යවරයා විසින් දුරකතනය ඔස්සේ ලබා දී ඇති අතර එම තොරතුරු ලිඛිතව ලබා දෙන ලෙස කතානායක ඔහුට දැනුම් දී ඇත. එම තොරතුරු ලිඛිතව ලදහොත් පක්ෂ නායක හමුවට පසු තීන්දුවක් ගන්නා බව කතානායක පවසයි.

මේ අතර අදාළ මැති ඇමතිවරු පිළිබඳ විනය පියවර ගැනීමට පියවර ගැනීමට වඩා එම තොරතුරු හෙළිකළ රාජ්‍ය අමාත්‍යවරයා එජාප විනය කමිටුව හමුවට කැඳවීමට කඩිනම් පියවර ගැනීම විශේෂත්වයකි. තමා මෙතෙක් හෙළි කළ කිසිවක් අසත්‍ය නොවන බවත් කිසිම කරුණක් ඉල්ලා අස්කර නොගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මේ අතර පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *