රංජන් රාමනායක රුධිර පරික්ෂාව කරයි! සෙසු මන්ත්‍රීවරුන්ටත් අභියෝගයක්!

February 23, 2019 at 7:28 am | by admin

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කොළඹ නවලෝක රෝහලට ගොස් රුධිරය සහ යුරීන් පරික්ෂාව කර ගත් අතර මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය භාවි කර ඇත්නම් එය හඳුනාගත හැකි බව නිලධාරිනිය ප්‍රකාශ කළාය.

ඇමතිවරයා අනතුරුව සිය පරීක්ෂණ වාර්තාව මාධ්‍ය වෙත ලබා දුන් අතර ඔහු එම කාලය තුළ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 11ක් ගෙන නොමැති බව එහි සඳහන් වෙයි.

තමා ස්ව කැමැත්තෙන් ගොස් රුධිර පරික්ෂාව කරගත්තා සේ සෙසු අයට ද රුධිර පරීක්ෂාව කර අදාළ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස අමාත්‍යවරයා අභියෝග කරයි.  කෙසේ වුවද අමාත්‍යවරයා මෙහි දී ඇතැම් දේශපාලකයන් කළ අභියෝගයට පිිළිතුරු ලෙස HIV රුධිර පරික්ෂාව කරගත්තේ නැත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *