රංජන්ලා වගේ ජෝකර්ලාට මගේ ලේ හොල්ලන්න බෑ! කොකේන් පරීක්ෂණවලට මගේ ලේ දෙන්නේ නෑ!

February 25, 2019 at 3:47 pm | by admin

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විකට චරිතයක් රඟපාන අතර තමන්ගේ ද රුධිර සාම්පල් ගැනීමට ඔහු සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි. තමන්ගේ ලේ එසේ සෙලවීමට නොහැකි බවත් රංජන්ලා වැනි ජෝකර්ලාට තමන් යට නොවන බවත් මන්ත්‍රීවරයා පවසයි.

අමාත්‍ය රංජන් රාමනායක පසුගියදා ප්‍රකාශ කළේ දකුණු පළාතේ ඇවිදිමට නොහැකි තරම් තරබාරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොකේන් පානය කරන බවත් ඔහුගේ ගර්ල් ප්‍රේන්ඩ්ස්ලා එය තමා සමග කී බවත්ය. එසේම මේ අය බියට පත්වී මේ වන විට තුඹ කරවලි, කොහොඹ, තෙබු ජූස් බොන බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස